අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
🙏 අභිධර්මය
දෙවි, මිනිස්, ඇත්, අස්, ගව, මැසි, මදුරු ආදි කුඩා මහත් සියලු සතුන් හා පස්, ගල්, දිය, සුළං, ගස්, වැල් ආදි සියලු වස්තූන් ද සෑදෙන මූල ධාතූන් විභාග කොට දක්වන්නා වූ ද, ඒ මූල ධාතූන් ඇති වන සැටි පරම්පරා වශයෙන් පවත්නා සැටි උගන්වන්නා වූ ද, නිර්වාණ ධාතුව විභාග කොට දක්වන්නා වූ ද ධර්මය අභිධර්මය යි.
🙏 පංචස්කන්ධය
1. රූපස්කන්ධය
2. වේදනාස්කන්ධය
3. සංඥාස්කන්ධය
4. සංස්කාරස්කන්ධය
5. විඥානස්කන්ධය (සවිස්තර
ඉදිරියේ දි ඉදිරිපත් කරමි.)
🙏 නව ලොව්තුරා
දහම්
1. ශ්‍රොතාපත්ති මාර්ගය
2. සකෘදාගාමී මාර්ගය
3. අනාගාමී මාර්ගය
4. අරහත් මාර්ගය
5. සකෘදාගාමී ඵල
6. ශ්‍රොතාපත්ති ඵල
7. අනාගාමී ඵල
6. නිර්වාණය (සවිස්තර
ඉදිරියේ දි ඉදිරිපත් කරමි.)
🙏 නොකල් අට
1. අපාය
2. තිරිසන් අපාය
3. ප්‍රේත ලෝකය
4. පිටසක්වලය
5. අඳ ගොළු බිහිරි වීම
6. අරූපී බ්‍රහ්ම ලෝක සතර හා අසඤ්ඤ සත්ත නම් බ්‍රහ්ම
ලෝකය
7. මිථ්‍යා දෘෂ්ටිය
8. අබුද්ධ කාලය (සවිස්තර
ඉදිරියේ දි ඉදිරිපත් කරමි.)
බුදුන් වහන්සේ විසින් කුරු රට කල්මාෂ්‍යදම්‍ය හෙවත් කම්මාස්සදම්ම නම් නියම් ගමෙහි දී දේශනා කරන ලද මහා සතිපට්ඨාන සූත්‍රය අනුව සතර සතිපට්ඨානයන් වනුයේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව හා ධම්මානුපස්සනාව යි. නිවන් අවබෝධය සදහා සතර සතිපට්ඨානයම වැඩිය යුතු අතර කායනුපස්ස්නාවට අයත් සියලු භාවනා තුලින් සතර සතිපට්ඨානය වඩා ගත හැක. සමථ භාවනා තුල කායානුපස්සනාව නොමැති බැවින් එකී භාවනා වැඩීමෙන් නිර්වාණය අවබෝධ නොවේ.